ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක්

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක්

by Staff writer 08-10-2019 | 3:25 PM
COLOMBO (News 1st) - එළැඹෙන ජනාධිපතිවරණය සඳහා යොදා ගනු ලබන ඡන්ද පත්‍රිකාව අඟල් 26කින් යුක්ත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ආදර්ශ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් තමන්ට ලබා දී ඇති බව ය. ඡන්ද පත්‍රිකාව අසාමාන්‍ය දිගකින් යුක්ත වීම නිසා එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්දපොළ නියෝජිතයින් සංඛ්‍යාව 70 සහ ගණන් කිරීමේ නියෝජිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ යන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදු වන බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඡන්ද පෙට්ටි සංඛ්‍යාව ඉහළ යාම හමුවේ ඡන්දපොළ කාර්ය මණ්ඩලය සහ සහය කාර්ය මණ්ඩලය වැඩි කිරීමට ද සිදු වන බව ය. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.