ජනපති ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන

ජනපති ට්‍රම්ප්ගෙන් තුර්කියට තර්ජන

by Staff writer 08-10-2019 | 8:02 AM
COLOMBO (News 1st) : තුර්කිය සිරියාවේ හමුදා මෙහෙයුම් දුර දිග ගෙන ගියහොත් එරට ආර්ථිකය විනාශ කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ, තුර්කියට සිරියාවේ යුද මෙහෙයුම්වල නිරතවීමේ අවස්ථාව , තමන් විසින්ම ලබාදීමෙන් අනතුරුවයි. ඊසානදිග සිරියාවේ හමුදා මෙහෙයුම් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ට්විටර් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා ඊසානදිග සිරියාවේ යොදවා සිටි අමෙරිකානු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 50 දෙනෙකු ඉවත්කර ගැනීමට ද ඊට පෙර පියවර ගත්තේ ය‍ක මෙම පියවර දීර්ඝ කාලයක් අමෙරිකාව සමඟ එක්ව කටයුතු කල කුර්දි සටන්කාමීන් , ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකන ඉරාක හමුදාවේ බලපෑමට නතු කරනු ඇති . දේශපාලන විචාරකයන් පවසන්නේ අමෙරිකානු සෙබලුන් සිරියාවෙන් ඉවත්කර , කුර්දි සටන්කාමීන් හුදෙකලා කිරීමට තමන් ගත් පියවරට එල්ලවන විවේචන වලින් මිදීමට අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කල බවයි . ජනපති ට්‍රම්ප් සිරියාවෙන් සෙබලුන් ඉවත්කර කුර්දි සටන්කාමීන් හුදෙකලා කිරීමට ගත් පියවර , ඩිමොක්‍රැටික් දේශපාලනඥයන් මෙන්ම කොංග්‍රසයේ රිපබ්ලිකන් දේශපාලනඥයන්ගේද විවේචනයට ලක්වුණා . මේ අතර තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොගන් සඳහන් කලේ ලබන මස මුල් භාගයේදී වොෂින්ටනයේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට අපේක්ෂා කරන බවයි . එහිදී සිරියාවේ ආරක්ෂිත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම එෆ් - තර්ටිෆයිව් ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. අමෙරිකානු ජනපති තුර්කියට එල්ල කළ තර්ජනයෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තුර්කි මුදල් ඒකකය වන ලීරාහි වටිනාකම 2% කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු බව ද සඳහන් ය.