by Staff writer 07-10-2019 | 6:34 AM
COLOMBO (News 1st) : මැතිවරණ කොමිෂන් සභාව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් සහ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200 ක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යොදවා ඇති බවයි.
අපේක්ෂකයින් සමග පැමිණෙන ආධාරකරුවන්ට රැඳී සිටීමට ස්ථාන කිහිපයක්ම වෙන්කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද දිනයේදී විශේෂ කාරණ කිහිපයක් පිළිබඳව පොලිසියේ අවධානය යොමුව ඇති බවයි.
මේ අතර මැතිවරණ කොමිසම පිහිටි සරණ මාවතට ඇතුළුවීම අවස්ථාව හිමිවන්නේ අවසර ලත් පුද්ගලයින්ට පමණක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.