මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

බත්තරමුල්ලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

by Staff writer 07-10-2019 | 3:53 PM

COLOMBO (News 1st) - තලංගම, බත්තරමුල්ල ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ මහල් ගොඩනැගිල්ලක 12 වන මහලේ සිට තෙවන මහල දක්වා ඇද වැටීමෙන් ඔහු මිය ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි. එලෙස මිය ගොස් ඇත්තේ, 52 හැවිරිදි පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.