ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

by Staff writer 07-10-2019 | 5:17 PM

COLOMBO (News 1st) - මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 - 80 දක්වා තද සුළං ඇති විය හැකි බවයි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.