by Staff writer 07-10-2019 | 6:49 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම වෙනුවෙන් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් අද දිනයේ වසා තැබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. ජී. විජයබන්දු මහතා සඳහන් කළේ එම පාසල්වලට අමතරව රාජගිරිය ජනාධිපති , හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද අද වසා තැබෙන බවයි.
එලෙස පාසල් වසා තැබීමට තීරණය කර ඇත්තේ, ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හේතුවෙන් එදින අදාළ පාසල්වලට නිවාඩු ලබා දෙන ලෙස, ජාතික මැතිවරණ කොමිසම කළ ඉල්ලීමක් අනුවයි.