දුම්රිය සේවක වර්ජනය අවසන්

දුම්රිය සේවක වර්ජනය අවසන්

by Staff writer 07-10-2019 | 4:39 PM

COLOMBO (News 1st) - දුම්රිය වෘත්තිය සමිති සිය වැඩ වර්ජනය අවසන් කර තිබේ.

ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුවයි. එම සාකච්ඡාවට පෙර එම වෘත්තිය සමිති නියෝජිතයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ද සාකච්ඡාවක නිරත විය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වැඩ වර්ජනය අවසන් කරන්නැයි දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින්ට ජනාධිපතිතුමා එහිදී දැනුම් දුන් බවයි. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් අඛණ්ඩ දින 12 ක් වැඩ වර්ජනයේ නිරත විය.