by Staff writer 07-10-2019 | 12:57 PM
COLOMBO (News 1st) : දුම්රිය වර්ජනය අද 12 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
වර්ජනය ක්‍රියාත්මක වුවත් අද උදෑසන දුම්රිය 28 ක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහව, කුරුණෑගල පොල්ගහවෙල, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිට අද පෙරවරුවේ එම දුම්රිය කොළඹ බලා ධාවනය කළ බවයි.
ඉන් දුම්රිය 26 ක් ද්විත්ව බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කොටුව දුම්රිය ස්ථානයට අද උදෑසන දුම්රිය 11ක් පැමිණ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අදත් මගීහු දැඩි පීඩාවට පත් වූහ.