by Staff writer 07-10-2019 | 5:35 PM
COLOMBO (News 1st) - ගාල්ල - අකුරැස්ස මාර්ගයේ තාප්පේ හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය, අකුරැස්ස සහ ඉමදූව රෝහල්වලට ඇතුළත් කර ඇත.