5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

by Staff writer 06-10-2019 | 10:18 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් බී. පුජිත මහතා සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැට හතකි. පසුගිය අගෝස්තු මස 04 වැනි දා විභාගය පැවැත් විය.