by Staff writer 06-10-2019 | 3:39 PM
COLOMBO (News 1st) : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කෙරිණ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු ලෙස සටහන් වන්නේ 159 කි.
එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 154 වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ 157 ක්, ලෙසත් රත්නපුර දිස්ත්‍රික්කයේ 156 ක් ලෙසත් කඩඉම් ලකුණු සීමාව නම් කර තිබේ.
අනුරාධපුර, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 155 කි.
අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 154 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ 153 ක් වන අතර ලකුණු 147 වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ වේ.
අද දහවල් නිකුත් කෙරුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට හෙට පෙරවරු 9 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබාගත හැකි වේ.
අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන හෙට පෙරවරුවේ තැපෑලට යොමු කෙරෙනු ඇති.
මෙවර ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 5000 කින් වැඩි කර ඇති අතර ඒ අනුව මෙවර ශිෂ්‍යධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව විසිදහසකි.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250 ක් ඒ අතර වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
මේ අතර, ප්‍රතිඵල නැවත පරීක්ෂාව සඳහා ලබන 21 වන දා දක්වා අවස්ථාව හිමිවනු ඇති.
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි.