මිහින්තල පුදබිම ජාතික උරුමයක් බවට පත් කෙරේ

මිහින්තල පුදබිම ජාතික උරුමයක් බවට පත් කෙරේ

by Staff writer 06-10-2019 | 6:34 PM
COLOMBO (News 1st) : ඓතිහාසික මිහින්තල පුදබිම ජාතික උරුමයක් බවට පත්කිරීමේ සන්නස් පත්‍රය අද පස්වරුවේ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහංගුනවැවේ ධම්මරතන හිමියන්ට භාර දී තිබේ. ඊට අදාළ සන්නස් පත්‍රය මෙලෙස භාර දෙනු ලැබුවේ මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ සැමරුම් දිනයට සමගාමීව සිදුකරන පිංකම් මාලාව අතරතුරයි. මේ අතර අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය නිමිති කර ගනිමින් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන පිංකම් මාලාවට අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.