ජනාධිපතිවරණ අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට...

ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක්

by Staff writer 06-10-2019 | 7:23 AM

COLOMBO (News 1st) - එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරන ලද අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක් අද පැවැත් වේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත වේ. එම හමුවට ඇප තැන්පත් කළ අපේක්ෂකයා හෝ නියෝජිතයෙකු සහභාගී විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. එහිදී නාම යෝජනා භාර දීම සහ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.