ශ්‍රීලනිප අවසන් තීන්දුව දැනුම් දීම කල් දමයි...

ජනාධිපතිවරණය ගැන ශ්‍රීලනිප අවසන් තීරණය දැනුම් දෙන ප්‍රවෘත්ති සාකච්ඡාව කල් දමයි

by Staff writer 06-10-2019 | 10:39 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කල් දමා තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරූ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීම පැය 2 හමාරකට ආසන්න කාලයක් පැවති බව අප වාර්තාකරුවන් පැවසීය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්මින් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 11.00 ට මාධ්‍ය හමුවක් කැඳවා පක්ෂයේ අවසන් තීරණය දැනුම් දෙන බවයි. කෙසේ වෙතත් අද පෙරවරුවේ අදාළ මාධ්‍ය සාකච්ඡා අවලංගු කර ඇති අතර එය නැවත පැවැත්වෙන වේලාවක් පිළිබඳව දැනුවත් කර නොමැත.