ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අවසන් තීන්දුව කුමක් වෙයිද?

ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අවසන් තීන්දුව අද පෙරවරු 11.00 ට

by Staff writer 06-10-2019 | 7:26 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අවසන් තීරණය ගැනීමේ බලය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට තීරණය කළ බවයි. ඒ අනුව ජනාධිපතිතුමාගේ තීරණය අද පෙරවරු 11.00 ට පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ රාත්‍රී ජනාධිපති නිල නිවසේදී පැවැත්විය. ඒ, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම පැය 2 හමාරකට ආසන්න කාලයක් පැවති බව අප වාර්තාකරුවන් පැවසීය.