ගෝඨාභය නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

by Staff writer 06-10-2019 | 10:31 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දී මෙම අත්සන් තැබීම සිදු වූ බවයි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක් ව සිටියහ.