කොස්ගොඩ වැඩබලන OIC සහ සැරයන්වරියකගේ වැඩතහනම්

කොස්ගොඩ වැඩබලන OIC සහ සැරයන්වරියකගේ වැඩතහනම්

by Staff writer 06-10-2019 | 4:05 PM
COLOMBO (News 1st) : පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී  මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය තුළ පළවීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත එම නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, ගාල්ල දිසාව භාර නියෝජය පොලිස්පති අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මීට අමරතව පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් ද මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.