ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක්

කර්තෘ Staff writer

06 Oct, 2019 | 7:23 am

COLOMBO (News 1st) – එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරන ලද අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසමේ සමාජිකයින් අතර හමුවක් අද පැවැත් වේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිත වේ.

එම හමුවට ඇප තැන්පත් කළ අපේක්ෂකයා හෝ නියෝජිතයෙකු සහභාගී විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

එහිදී නාම යෝජනා භාර දීම සහ ජනාධිපතිවරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]