ඉරාකයේ රූපවාහිනී නාලිකා 3 කට ප්‍රහාර

ඉරාකයේ රූපවාහිනී නාලිකා 3 කට ප්‍රහාර

by Staff writer 06-10-2019 | 9:53 AM

News 1st - ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි රූපවාහිනී නාලිකා තුනකට ප්‍රහාර එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, කළු ඇඳුමින් සැරසී මුහුණු ආවරණ පැළඳ පැමිණි සන්නද්ධ පිරිසක් එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි. ගිනි අවි අතැතිව පැමිණි පිරිස් අදාළ රූපවාහිනී නාලිකාවලට වෙඩි ප්‍රහාර එල්ල කර සන්නිවේදන උපකරණවලට හානි කර තිබේ. එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. එලෙස රූපවාහිනී නාලිකාවලට ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරාකය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙන පසුබිමකදීයි. විරෝධතා පාලනය කිරීමට අවස්ථා කිහිපයකදී එරට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. එහෙත් විරෝධතා පාලනය කිරීමට නොහැකිවීමත් සමග ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණි. ඇඳිරී නීතිය මධ්‍යයේ විරෝධතාවල නිරත වූ පිරිස් විසුරුවා හැරීමට, එරට පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. විරෝධතා ක්‍රියාත්මක වන්නේ විරැකියාව, රජයේ දූෂණ අක්‍රමිකතා සහ පොදු සේවාවන්වල පවතින දුර්වලතා ඉවත් කරන්නැයි ආණ්ඩුවට බල කරමිනි.