by Staff writer 05-10-2019 | 9:20 PM
COLOMBO (News 1st) - මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවූ මහජන වේදිකාව අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මාර්තු 12 ව්‍යාපාරය, පැෆරල් සංවිධානය හා ඒෆ්රිල් තරුණ ජාලය එක්ව මෙම මහජන වේදිකාව වැඩසටහන සංවිධාන කර තිබිණි.
ජනාධිපති අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ජනගත කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණකි.
එකම වේදිකාවක සිට ප්‍රතිපත්තිමය සංවාදයක නිරත වීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ඇරයුම් කර තිබුණේ පසුගිය මැතිවරණවලදී ඡන්ද ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් ලබා ගත් පක්ෂ ඔවුන් නියෝජනය කිරීමේ පදනම මත ය.
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංවාදයට සහභාගී නොවී ය