ශ්‍රී ලංකා - පකිස්ථාන 20 යි 20 තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකා - පකිස්ථාන 20 යි 20 තරගාවලිය අද ඇරඹේ

by Staff writer 05-10-2019 | 8:40 AM

News 1st - ශ්‍රී ලංකා - පකිස්ථාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය කරච්චිහිදී අද ආරම්භ වේ.

පකිස්ථානය මේ වන විට පන්දුවාර 20 යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳි සිටින කණ්ඩායමයි. දසුන් ශානක ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 කණ්ඩායම මෙහෙයවනු ඇති. දෙරට අතර පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග 18 න් තරග 13 ක් ජය ගත්තේ පකිස්ථානයයි. තරග 5 කින් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා පවසන්නේ, අද දිනයේදී සදීර සමරවික්‍ර වෙනුවට මිනෝද් භානුක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි. අද තරගය මෙරට වේලාවේ රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.