වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු

වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු

by Staff writer 05-10-2019 | 4:18 PM
COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් එල්.පී. ජයම්පති මහතා සඳහන් කළේ, නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන්නැයි සියලු සේවකයින්ගෙන් ඉල්ලීමක් කරන බව ය. රාජකාරියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. ලේකම්වරයා පැවසුවේ, සාකච්ඡා ආරම්භ කිරීමට නම් සේවකයින් රාජකාරියට වාර්තා කළ යුතු බව ය.