නිදහස් පක්ෂය ගෝඨාට ඉදිරිපත් කළ යෝජනා 17ටම එකඟයි - ඩලස් අලහප්පෙරුම

by Staff writer 05-10-2019 | 8:53 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට එකඟ වුවද ජනාධිපතිවරණයේදී ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් අපහසුතාවක් පවතින බව අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමු කළ අවබෝධතා ගිවිසුමේ ඇතුළත් යෝජනා 20 ඒකමතිකව පිළිගැනීමට පක්ෂය තීරණය කළ බව ඔහු සඳහන් කළේ ය. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ අවබෝධතා ගිවිසුමේ ඇතුළත් වගන්ති 17 ද රාජපක්ෂ මහතා පිළිගත් බව අලහප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ ය.