ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ජනාධිපතිවරණය වෙනුවෙන් නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

by Staff writer 05-10-2019 | 7:35 AM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී එම රැස්වීම පැවැත්වෙන බවයි.