SLIATE විරෝධතාවක් නිසා පුරහල දැඩි රථ වාහන තදබදයක්

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ විරෝධතාවක් නිසා පුරහල දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 04-10-2019 | 2:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට ‍කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ. වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන මෙම විරෝධතාවට එම ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ඔවුන් පවසන්නේ, 2014 වසරේ සිට තමන්ට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙතෙක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන නොමැති බව ය.