රටවල් 4ක Facebook ගිණුම් රැසක් අවලංගු කෙරේ

රටවල් 4ක Facebook ගිණුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

by Staff writer 04-10-2019 | 10:23 AM
(News 1st) - නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම පවසයි. ඒ අතරට ෆේස්බුක් පිටු 149ක් සහ ගිණුම් 280ක් අයත් ය. අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ එම ගිණුම් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.