by Staff writer 04-10-2019 | 3:24 PM
COLOMBO (News 1st): සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින්, සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ඊයේ රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ය.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
මේ අතර සේවක වැඩවර්ජනය පැවතිය ද අද පෙරවරුවේ දුම්රිය 22ක් විවිධ ප්‍රදේශවල සිට කොළඹ කොටුවට දක්වා ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, පානදුර, ගම්පහ, හලාවත, මහව, අවිස්සාවේල්ල සහ මහනුවර සිට එම දුම්රිය ධාවනය කර වූ බව ය.
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා අධීක්ෂණ නිලධාරින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට අදට දින 09කි.
මේ හේතුවෙන් මගීන් අදත් දැඩි ලෙස පීඩාවට පත්විය.