by Staff writer 04-10-2019 | 7:38 PM
COLOMBO (News 1st): සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබේ.
එහිදී තායිලන්ත කාන්තාවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
පොලීසිය පැවසුවේ එම කාන්තාවන් අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසුවන බව ය.
ඔවුන් හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රියදර්ශන සිල්වා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක
ගමආරච්චි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.