මෙත්සිරි ද සිල්වාගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ජනපතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

by Staff writer 04-10-2019 | 11:36 AM
COLOMBO (News 1st) - ජනාධිපතිවරණය පැවැත්වීම අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඊයේ පස්වරුවේ ගොනු කළ එම පෙත්සම අද කැඳවූයේ විජිත් මලල්ගොඩ, පී. පද්මන් සුරසේන හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ ය. එය තවදුරටත් පවත්වා ගෙන යාමට අපේක්ෂා නොකරන බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙත්සම ප්‍රතික්ෂේප කළේ, අධිකරණය හාස්‍යයට ලක් කිරීමෙන් වළකින්නැයි ද අවවාද කරමිනි.