ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 04-10-2019 | 6:12 PM

COLOMBO (News 1st): ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම අද සලකා බැලුණේ 3 වන දිනට යි. පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී සලකා බැලිනි.