by Staff writer 04-10-2019 | 2:13 PM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 6.00 ට ලබා දීමට නියමිත ය.
පෙත්සම අද සලකා බැලුණේ 3 වන දිනට යි.
ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් ගොනුකර ඇති මෙම පෙත්සම සලකා බැලීම අවසන් කරමින් සියලු පාර්ශවවලට ලිඛිත දේශන ගොනු කිරීමට අභියාචනාධිකරණය අද පස්වරු 3.15 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී සලකා බැලිනි.