ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-10-2019 | 6:44 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති කාර්යාලය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ. 2. කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුක්තව කොළඹ හෝටල් කිහිපයකට යොමු කර ඇති ලිපියක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 3. කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෙකුට සහ කාන්තාවකට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කළේ ය. 4. ලබන නොවැම්බර් 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය. 5. හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ කිසිදු ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ මගින් හැකි ඉක්මනින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාට නියෝග කළේ ය. විදෙස් පුවත් 6. සිය අරමුණු ඉටු කර ගන්නා තෙක් 2015 වසරේ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි කඩ කරන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසයි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය.