ප්‍රදේශ රැසකට අකුණු සමග තද වැසි ඇතිවිය හැකියි

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමග තද වැසි

by Staff writer 04-10-2019 | 5:54 PM

COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, අනුරාධපුරය, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ය. ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.