අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 04-10-2019 | 9:58 AM
COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගුව සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව ය. එහි වටිනාකම රුපියල් කෝටියකට අධික වේ. ඔහු සිය ගමන් මලුවල සූක්ෂම ලෙස සඟවා සාරි ගෙන එන මුවාවෙන් එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි සිට ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව රේගුව ප්‍රකාශ කළේ ය.