අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළට

by Staff writer 04-10-2019 | 4:50 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දමා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් පහළ දමා ඇති බව ය. ඒ, අනුව එහි නව මිල රුපියල් 1493කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින් අඩු කර තිබේ. එහි නව මිල රුපියල් 598කි. කිලෝග්‍රෑම් 2.3 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 30 කිනි. ඒ, අනුව එහි නව මිල රුපියල් 289කි. මේ අතර අනෙකුත් දිස්ත්‍රක්කවල ද ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහල දමා තිබේ. ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්තථ ගෑස් සිලින්ඩරය මිල පහළ දමා ඇත්තේ රුපියල් 251කිනි. එහි නව මිල 1482කි. නව මිල සූත්‍රයකට අදාලව ලිට්‍රෝ ගෑස් සමාගම සමග ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම මිල පහළ දැමීම සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.