මධ්‍යම රාත්‍රියට පෙර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වේ

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට

by Staff writer 03-10-2019 | 6:36 PM
COLOMBO (News 1st) : දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කරනු ලැබ තිබේ. රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, එය මේ වනවිට මුද්‍රණය සඳහා සකස් කරමින් පවතින බවයි. අද මධ්‍යම රාත්‍රියට පෙර දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළා ය.