ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයින් හා ගෝඨාභය අතර හමුවක්

ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයින් හා ගෝඨාභය අතර හමුවක්

by Staff writer 03-10-2019 | 4:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් අද රාත්‍රියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සහභාගී වන බව ය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති යම් යම් ගැටලු පිළිබඳව එකඟතාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම සාකච්ඡා පැවැත්වෙන බව වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද හෙට කොළඹට කැඳවා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, හෙට දහවල් කොටුව ජනාධිපති මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව ය. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය විසින් ගනු ලබන විශේෂ තීන්දු තීරණ දැනුම් දීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.