ද. කොළඹ, මැද කොළඹ සියලු පාසල් ලබන සඳුදා වසා දැමේ

ද. කොළඹ, මැද කොළඹ සියලු පාසල් ලබන සඳුදා වසා දැමේ

by Staff writer 03-10-2019 | 5:56 PM
COLOMBO (News 1st) : බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් ලබන සඳුදා වසා දැමීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා සඳහන් කළේ, ඊට අමතරව රාජගිරිය ජනාධිපති, හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද එදිනට වසා තැබෙන බවයි. ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හේතුවෙන් එදින අදාළ පාසල්වලට නිවාඩු ලබා දෙන්නැයි, ජාතික මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ ය.