තානාපති සහ මහකොමසාරිස්වරු 14ක් අක්තපත්‍ර භාරදෙති

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 14ක් අක්ත පත්‍ර භාරදෙති

by Staff writer 03-10-2019 | 6:15 PM
COLOMBO (News1st) : විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අක්ත පත්‍ර භාර දුන්හ. නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 14 දෙනෙකු මෙලෙස පැමිණ අක්ත පත්‍ර භාර දුන්නේ කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදීයි. එස්වාටිනි රාජධානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත් කර එවා ඇති මහ කොමසාරිස්වරයා සහ නැමීබියා ජනරජයේ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දුන්හ. නව තානාපතිවරුන් පත් කර එවා ඇත්තේ බෙල්ජියම, බෙනින්,පෘතුගාලය, බොස්නියා, හර්සගොවිනා, සුඩානය, ගිනියා, හෙලනික්, චිලී, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනසුවේලාව, ඉතියෝපියාව යන රටවල්වලිනි. එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා ක්වාලාලම්පූර් නුවර සිටත්, බෙනින් ජනරජයේ තානාපතිවරයා ටෝකියෝ නුවර සිටත්, අනෙක් සියලු දෙනා නවදිල්ලියේ සිටත් රාජකාරී ඉටු කරනු ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.