ජනපති සටනට සජිත්ගේ නම ඒකමතිකව සම්මත වෙයි

ජනපති සටනට යෝජනා කළ සජිත්ගේ නම ඒකමතිකව සම්මත වෙයි

by Staff writer 03-10-2019 | 2:19 PM

COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම අද පැවති පක්ෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරිමේ විශේෂ පක්ෂ සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. සම්මේලනය ආරම්භ වූයේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති අපේක්ෂක, නියෝජ්‍ය නායක අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා ඇතුළු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විවිධ ප්‍රදේශවලින් පැමිණි මහජන නියෝජිතයින් සහ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගි වූහ. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂවල නායකයින් ද සමුළුවට පැමිණ සිටියහ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස සම්මත කර ගැනිම සඳහා වූ යෝජනාව සභාවට ඉදිරිපත් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. අනතුරුව එම යෝජනාව ඒකමතිකව සම්මත විය.