ගෝඨාභයට සිංගප්පූරුවට යන්න අධිකරණයෙන් අවසර දෙයි

ගෝඨාභයට සිංගප්පූරුවට යන්න අධිකරණයෙන් අවසර දෙයි

by Staff writer 03-10-2019 | 9:56 AM

News 1st (Colombo): ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා විදේශගත වීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ඒ, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා යාමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමට අනූවයි. අධිකරණය භාරයේ පවතින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහරින්නැයි ද එහිදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. නීතිපතිවරයා ඊට කිසිඳු විරෝධතාවයක් දක්වා නොමැත.