by Staff writer 03-10-2019 | 7:13 PM
COLOMBO (News 1st) : කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයෙකුට සහ කාන්තාවකට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
ඒ, මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙනි.
විත්තිකරු සිය මව සමඟ එක්ව බිරිඳට ගිනි තබා ඝාතනය කර ඇතැයි එහිදී තහවුරු වී තිබේ.
අදාළ කාන්තාව සිය ලේලියගේ සිරුරට භූමිතෙල් දමා ඇති අතර පුත්‍රයා අනතුරුව ගිනි තබා ඇති බව, අධිකරණයේදී හෙළිවිය.
පවුල් ආරවුලක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුව තිබුණේ 2007 වසරේ දෙසැම්බර් 29 වැනිදායි.