කුමාර වෙල්ගම ජනපති සටනට ?

by Staff writer 03-10-2019 | 9:00 AM

COLOMBO (News 1st) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන බව, එම සංවිධානයේ මහලේකම් රජික කොඩිතුවක්කු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද උදෑසන TV 1 නාලිකාවේ විකාශය වූ මායිම වැඩසටහනේදී මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.