කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක්

කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් සොයා ගනී

by Staff writer 03-10-2019 | 3:44 PM
COLOMBO (News 1st) : කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබ තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, සෝදිසි මෙහෙයුමකදි මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරීක්ෂණය කිරීමේදී එහි තිබී විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ග්‍රැම් 60 ක් සොයාගත් බවයි. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.