by Staff writer 03-10-2019 | 4:12 PM
COLOMBO (News 1st) : සිය අරමුණු ඉටුකරගන්නා තෙක් 2015 වසරේ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි කඩකරන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසයි.
ඉරාන විප්ලවවාදී හමුදාවේ සෙබළුන් හමුවූ එරට අධ්‍යාත්මික නායකයා අවධාරණය කළේ, රජයේ අවශ්‍යතා පරිදි අරමුණු ඉටුකර ගැනීමේ වගකීම ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයට පැවරෙන බවයි.
ඉරානයට එරෙහිව උපරිම පීඩනය යෙදවීමට අමෙරිකාව තවමත් අපොහොසත්ව සිටින බවත් ඉදිරියේදී ද එය එසේම සිදුවනු ඇති බවත් ඉරාන අධ්‍යාත්මික නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ඔහු අවධාරණය කළේ, ඉරානයට එරෙහි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් අමෙරිකාව පීඩාවට පත්වනු ඇති බවයි.