ඉදිරි පැය 24 පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඉදිරි පැය 24 පළාත් කිහිපයකට අකුණු සමග ගිගුරුම් සහිත වැසි

by Staff writer 03-10-2019 | 3:11 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.