by Staff writer 02-10-2019 | 5:44 PM
COLOMBO (News1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමිටර් 70-80 ත් අතර කෙටි කාලීන තද සුළං ඇතිවිය හැකි බවයි.
අකුණු සහ ගිඟුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.