සංජය රාජරත්නම් වැඩබලන සොලිසිටර් ජනරාල් ධූරයට

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස සංජය රාජරත්නම් පත් කෙරේ

by Staff writer 02-10-2019 | 11:13 AM
COLOMBO (News 1st) - නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. සංජය රාජරත්න මහතා මෙම ධූරයේ වැඩබැලීම සඳහා පත් කෙරුණේ, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීම හේතුවෙනි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තීය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ල වීම හමුවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනිණි.