උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන 14 වන දා ඇරඹේ

උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන 14 වන දා ඇරඹේ

by Staff writer 02-10-2019 | 10:45 AM
COLOMBO (News 1st) - 2019 උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන 14 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ලබන 21 වන දා දක්වා එය පැවැත්වෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, පරිගණක විද්‍යාගාර 656ක් විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බව ය. විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 186,363කි. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අදාළ කාලසීමාව තුළ එම මධ්‍යස්ථාන වෙත අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමටත්, අන්තර්ජාල පහසුකම් විධිමත්ව සැපයීමටත් ඒ ඒ ආයතන වෙත දැනුම් දී ඇති බව ය. විභාගයේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමු කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.