English
தமிழ்
කර්තෘ Staff writer
02 Oct, 2019 | 7:20 am
COLOMBO (News 1st) – දින 5ක් පුරා ක්‍රියාත්මක වූ රජයේ විධායක නිලධාරීන් වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ, කැබිනට් අනු කමිටුව සමග පැවති සාකච්ඡාවලින් පසු මේ තීරණය ගත් බව ය.
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරිණි.
මේ අතර අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන 2ක් අත්හිටුවා තිබේ.
එලෙස අත්හිටුවා ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වැඩ වර්ජනයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ, තම වැටුප් විෂමතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණ පිළිබඳව අධ්‍යයනයෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ය.
මේ අතර වැටුප් විෂමතා ගැටලුවට සුබවාදී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටවූ බව රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දුම්රිය සේවකයින් හා විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක ය.
වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් හා අධීක්ෂණ නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 7කි.
වැටුප් විෂමතාව මුල් කර ගනිමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 23 වන දිනටත් ක්‍රියාත්මක වේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා පැවසුවේ, වර්ජනය විසඳීමට අදාළ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍යවරයා සමග අද පැවැත්වෙන බව ය.
08 Dec, 2019 | 07:37 AM
07 Oct, 2019 | 04:39 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS